AUG
05
ගල්කිස්සේ සිට කන්කසන්තුරේට යන 'යාල්නිලා'

'යාල්නිලා' නමින් නව නගරාන්තර ශීඝ්‍රගාමී දුම්රියක් ගල්කිස්සේ සිට කන්කසන්තුරය දක්වා ධාවනය කිරීමට පියවර ගෙන ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
එහි නියෝජ්‍ය සාම්‍යාධිකාරී එන්.ජේ.ඉදිපොළගේ මහතා පවසන්නේ ඊයේ (04) රාත්‍රියේ මෙම දුම්රිය ධාවනයට එක් කළ බවයි.
මෙම දුම්රිය මේ මස 18 වන දායින් පසු නල්ලූර් කොවිලේ උත්සව කාලසීමාවට සමගාමීව දෛනිකව ධාවනය කිරීමට සැලසුම් කර ඇති බව එන්.ජේ ඉදිපොළගේ මහතා සඳහන් කර ඇත.
287 Views
Comments