බෝට්ටුවක් පෙරළීමෙන් 23 දෙනෙකු මිය යයි

මියන්මාරයේ රෝහින්යා ජාතිකයන් රැගත් බෝට්ටුවක් පෙරළීමෙන් 23 දෙනෙකු මිය ගොස් 30 දෙනෙකු අතුරුදන්ව සිටින බව වාර්තා වේ.
මෙම අනතුරට පුහුණ පා ඇත්තේ රයිබන් ප්‍රාන්තයෙන් පළා යමින් සිටි රෝහින්යා ජාතිකයින් පිරිසක් වේ.
බෝට්ටුව අනතුරට පත්ව තිබෙන්නේ 50 දෙනෙකුට වැඩි පිරිසක් රැගත් බෝට්ටුව මැලේසියාව බලා යමින් සිටියදී කාර්ය මණ්ඩලය විසින් එය අතහැර දැමීම හේතුවෙනි.
එක් අයෙකු මැලේසියාවට යාම සදහා ඩොලර් 4000ක් බැගින් ගෙවා ඇති බව සදහන් වේ.
මුහුද මැදදී එම මුදල් ලබා ගත් ජාවාරම්කරුවන් බෝට්ටුව අතහැර පළා යාම හේතුවෙන් අනතුරට ලක්ව තිබෙනවා.
සෑම වසරකම මුහුදු මාර්ගයෙන් රෝහින්යාවරුන් දහස් ගණනක් මැලේසියාවට හෝ ඉන්දුනිසියාවට පළා යාමට උත්සාහ කරනවා.
ඒ බංගලාදේශයේ ඉතා අඩු පහසුකම් වලින් සමන්විත සරණාගත කඳවුරුවලින් බේරී සිටිම සඳහා මෙන්ම මියන්මාරයේ දැඩි පීඩාවලින් මිදීම සඳහා බව වාර්තා වේ.
258 Views
Comments