ලක්ෂ 4ක අල්ලසක් ගත් දෙදෙනෙකු අත්අඩංගුවට
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
24

ලක්ෂ 4ක අල්ලසක් ගත් දෙදෙනෙකු අත්අඩංගුවට

ලක්ෂ 4ක අල්ලසක් ගත් දෙදෙනෙකු අත්අඩංගුවට

රුපියල් ලක්ෂ 4ක මුදලක් අල්ලස් ලෙස ලබාගත් අවිස්සාවේල්ල නගර සභාවේ වැඩබලන ලේකම් සහ ආදායම් පරීක්ෂකවරයා අත්අඩංගුවට ගෙන තිබේ.

 

අවිස්සාවේල්ල ප්‍රදේශයේ පුද්ගලයෙකු විසින් සිදුකළ පැමිණිල්ලකට අනුව අදාළ නිලධාරීන් දෙදෙනා අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

 

පැමිණිලිකරුගේ ව්‍යාපාරික හවුල්කාරියට හිමිවිය යුතු අවිස්සාවේල්ල බස් නැවතුම් පොළේ නව වෙළෙඳ සංකීර්ණයේ කඩකාමරයක උරුමය පවරා දීමට සහ ඇයගෙන් පසු එම කඩකාමරයේ උරුමය පැමිණිලිකරු වෙත පවරාදීම ඉක්මනින් සිදුකර ගැනීම සඳහා අදාළ අල්ලස් මුදල ලබාගෙන තිබේ.

 

අවිස්සාවේල්ල නගර සභාව තුළදී අදාළ අල්ලස් මුදල ලබාගැනීමේ දී නිලධාරීන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇති අතර මූලික විමර්ශනවලින් අනතුරුව සැකකරුවන් කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

views

165 Views

Comments

arrow-up