පාසල් දරුවන්ට අලුත් යෝජනාවක්
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
17

පාසල් දරුවන්ට අලුත් යෝජනාවක්

පාසල් දරුවන්ට අලුත් යෝජනාවක්

බස්නාහිර පළාත් අනු කමිටුව විසින් පාසල් දරුවන්ට පාසල් කාලය තුළදී මදුරුවන් දෂ්ඨ කිරීම වැළැක්වීම සඳහා අත් පා ආවරණය වන දිග ඇඳුම් ඇඳීම සුදුසු බවට ඩෙංගු මර්දනය පිළිබඳ කළ යෝජනාව සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ අවධානය යොමු වී තිබේ.

 

අධ්‍යාපන ලේකම් නිහාල් රණසිංහ ප්‍රකාශ කළේ මෙම යෝජනාව අධ්‍යාපන අමාත්‍යාංශයට ඉදිරිපත් කළහොත් ප්‍රායෝගිකව ඉටු කළ හැකි ආකාරය ගැන සලකා බලන බවයි.

 

 

රාජ්‍ය ඇමැති විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොළ විසින් පාසල් සිසුන්ට අත් දිග ඇඳුම් ඇඳීමට යෝජනාව ඉදිරිපත් කර තිබුණි.

 

 

මෙම යෝජනාව ඩෙංගු මර්දන පිළිබඳ බස්නාහිර පළාත් අනුකමිටුව රැස්වූ අවස්ථාවේ ඉදිරිපත් කෙරුණි.

 

 

ජනවාරි 01දා සිට මෙම සතිය වනතෙක් ඩෙංගු රෝගීන් 44530ක් වාර්තා වූ අතර මරණ 27ක් වාර්තා විය.

 

 

පාසල් සිසුන් වැඩි වශයෙන් ඩෙංගු රෝගයට ගොදුරු වී තිබිඹු අතර මින් බහුතරයක් බස්නාහිර පළාතෙන් වාර්තා විය. 

 

 

ඩෙංගු මර්දනය පිළිබඳ බස්නාහිර පළාත් අනු කමිටුවේ අදහස වූයේ පාසල් සිසු සිසුවියන්ට අත් පා ආවරණය වන සුදුසු ඇඳුමක් ඇඳීමෙන් මදුරුවන් දෂ්ඨ කිරීම වළක්වා ගත හැකි බවයි.

 

views

318 Views

Comments

arrow-up