නවසීලන්තයේ කොවිඩ් සමාජගත වෙයි

කොරෝනා වෛරසයට එරෙහිව සාර්ථකව කටයුතු කළ රටක් ලෙස සැලකෙන නවසීලන්ත යෙන් නැවත වරක් කොවිඩ් ආසාදිතයින් හමුවී තිබේ.
විදෙස් මාධ්‍ය පැවසුවේ එරට විශාලම නගරය ලෙස සැලකෙන ඕක්ලන්ඩ් නගරයෙන් ඊයේ (25) කොරෝනා ආසාදිතයින් 109 දෙනෙක් හමුවී ඇති බවය.
කොරෝනා වසංගතය ආරම්භයෙන් පසු එරටින් දිනකදී හමුවූ දෙවැනි වැඩිම ආසාදිතයින් ගණන එය ලෙස සඳහන් වෙයි.
මාස දෙකකට අධික කාලයක් එම නගරය තුළ සංචරණ සීමා පනවා තිබුණ ද ඕක්ලන්ඩ් නගරය තුළ පැතිර යන ඩෙල්ටා ප්‍රභේදය පාලනය කිරීමට ඔවුන් මෙතෙක් සමත්වී නොමැත.
707 Views
Comments