තවත් ෆයිසර් එන්නත් තොගයක් දිවයිනට
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
19

තවත් ෆයිසර් එන්නත් තොගයක් දිවයිනට

තවත් ෆයිසර් එන්නත් තොගයක් දිවයිනට

තවත් ෆයිසර් එන්නත් තවත් මාත්‍රා 608,000 ක් අද (19) අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙනවිත් තිබෙනවා.

 

කිලෝ ග්රැම් 1,818 ක් බරැති මෙම එන්නත් තොගය පෙට්ටි 53 ක අසුරා තිබු බව සදහන්.

 

මේ අතර, මෙරට වයස අවුරුදු 20 ට වැඩි ජනගහනයෙන් සියයට 87 ක් පූර්ණ එන්නත්කරණයට ලක්කර ඇතැයි වසංගත රෝග විද්‍යා අංශයේ වැඩබලන අධ්‍යක්ෂ වෛද්‍ය සමිත ගිනිගේ මහතා පවසනවා.

 

එන්නත්කරණ වැඩපිළිවෙල ඉතා සාර්ථකව ක්‍රියාත්මක වන බවයි කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ .

views

656 Views

Comments

arrow-up