අත්‍යවශ්‍ය භාණ්ඩ ගණයට තිරිඟු පිටි ඇතුළත් වෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
18

අත්‍යවශ්‍ය භාණ්ඩ ගණයට තිරිඟු පිටි ඇතුළත් වෙයි

අත්‍යවශ්‍ය භාණ්ඩ ගණයට තිරිඟු පිටි ඇතුළත් වෙයි

වෙළෙඳ වාණිජ හා ආහාර සුරක්ෂිත අමාත්‍ය නලීන් ප්‍රනාන්දු විසින් සඳහන් කළේ තිරිඟු පිටි අත්‍යවශ්‍ය භාණ්ඩයක් බවට ප්‍රකාශ කරමින් නිශ්චිත භාණ්ඩ ලැයිස්තුවට ඇතුළත් කර තිබෙන බවයි.

 

 

ඊට අදාළ ගැසට් නිවේදනය නිකුත් කර ඇති බව වාර්තා වේ.

 

 

ඒ අනුව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ පනතට අනුව පසුගිය සිකුරාදා මධ්‍යම රාත්‍රීයේ සිට තිරිඟු පිටි අත්‍යවශ්‍ය භාණ්ඩයක් බවට ගැසට් කර තිබේ.

 

 

එම පියවර ගෙන ඇත්තේ වෙළෙඳපොළ තුළ තිරිඟු පිටි මිල ඉහළ යාම පාලනය කිරීමේ අරමුණින් බව වාර්තා වේ.

 

 

තිරිඟු පිටි ආනයනය කිරිම සඳහා බලපත්‍ර ලබාගැනීම මේ වන විට අනිවාර්ය කිරීමට රජය පියවර ගෙන තිබේ.

 

 

 

අත්‍යවශ්‍ය භාණ්ඩයක් ලෙස නිශ්චිත භාණ්ඩ ලැයිස්තුවට ඇතුළත් කර තිබු පෙට්‍රෝලියම් ගෑස් එම ලැයිස්තුවෙන් ඉවත් කිරීමට තීරණය කර ඇත.

 

views

271 Views

Comments

arrow-up