සාමාන්‍ය පෙළ සමත් අඩු ආදායම්ලාභී දරුවන්ට ඉන්දියාවෙන් ශිෂ්‍යත්ව
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
19

සාමාන්‍ය පෙළ සමත් අඩු ආදායම්ලාභී දරුවන්ට ඉන්දියාවෙන් ශිෂ්‍යත්ව

සාමාන්‍ය පෙළ සමත් අඩු ආදායම්ලාභී දරුවන්ට ඉන්දියාවෙන් ශිෂ්‍යත්ව

අ.පො.ස සාමාන්‍ය පෙළ ඉහළින් සමත් ආර්ථික දුෂ්කරතා සහිත පවුල්වල සිසු-සිසුවියන්ගේ උසස් පෙළ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීමේ උත්සවයක් ඉන්දියානු මහකොමසාරිස් ගෝපාල් බාග්ලේ මහතාගේ සහභාගීත්වයෙන් යුතු ව ඊයේ (18) අධ්‍යාපන අමාත්‍යාංශයේ දී පැවැත්වුණි.

 

මෙම ශිෂ්‍යත්ව වැඩසටහන 2006 වර්ෂයේ සිට ඉන්දීය රජයේ අනුග්‍රහය මත ශ‍්‍රී ලංකාවේ ඉන්දියානු මහකොමසාරිස් කාර්යාලය හා අධ්‍යාපන අමාත්‍යාංශය ඒකාබද්ධව ක්‍රියාත්මක කරනු ලබයි.

 

ඉන්දියානුවන් අවිහිංසාවාදයේ පියා ලෙස හඳුන්වන මහත්මා ගාන්ධිතුමාගේ ගුණානුස්මරණය පිණිස මහත්මා ගාන්ධි ශිෂ්‍යත්ව ලෙසින් මෙම ශිෂ්‍යත්වය නම් කර තිබේ.

views

274 Views

Comments

arrow-up