උ/පෙළ පිළිතුරු පත්‍ර ඇගයීම් ලබන මාසය තුළ අවසන්

උසස් පෙළ පිළිතුරු පත්‍ර ඇගයීම් ලබන මාසය තුළ අවසන් කිරීමට සැලසුම් කර ඇති බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා සඳහන් කළේය.
මේ වනවිට විෂයන් 2ක පිළිතුරු පත්‍ර ඇගයීම් අවසන් බවත් ඒ මහතා සඳහන් කළේය.
තවත් විෂයන් 6ක පිළිතුරු පත්‍ර ඇගයීම ආරම්භ කර ඇති අතර අනෙක් විෂයන්වල පිළිතුරු පත් ඇගයීම ලබන සතියේ සිට දිවයින පුරා මධ්‍යස්ථාන 10කදී ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ.
මැයි 29 වැනිදා සිට ආරම්භ වන සාමාන්‍ය පෙළ විභාග සමයේද ඊට බලපෑමක් නොවන පරිදි උසස් පෙළ ඇගයීම් සිදු කිරීමට සැලසුම් කර ඇති බව විභාග කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළේය.
පිළිතුරු පත්‍ර ඇගයීම් අතරතුර ප්‍රායෝගික පරීක්ෂණ සඳහා ද අවශ්‍ය කටයුතු සම්පාදනය කරන බව විභාග කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කළේය.
323 Views
Comments