MAY
05
ඇමති කංචන සහ තෙල් බලධාරීන් විශේෂ සාකච්ඡාවක

ඊයේ (04) පස්වරුවේ විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා ලංකා අයි.ඕ. සී. සමාගමේ සහ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ නිලධාරීන් සමග විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ දී සාකච්ඡාවක් පවත්වා ඇති බව එම අමාත්‍යාංශයේ නිවේදනය කර සිටී.
ඉන්ධන මිල සූත්‍රය, නව ඉන්ධන පිරහුම් හල් ඇති කිරීමේදී අනුගමනය කරන ක්‍රමවේදය, ඉන්ධන බෙදා හැරීම මෙන්ම ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත පහසුකම් වැඩිදියුණු කිරීම සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කර ඇති බව සඳහන් වේ.
249 Views
Comments