දිවයින පුරා ප්‍රදේශ රැසකට නායයෑමේ බරපතල අනතුරු ඇඟවීම්

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් බදුල්ල, ගාල්ල, කෑගල්ල, මාතලේ, මාතර යන දිස්ත්‍රික්ක පහට නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීමක් නිකුත් කොට ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
එම දිස්ත‍්‍රික්කවල හල්දුම්මුල්ල, හාලිඇල, බද්දේගම, යක්කලමුල්ල, පල්ලේපොල, පස්සර, ඇල්පිටිය, නාගොඩ, කොටපොල පස්ගොඩ යන ප‍්‍රදේශවලට කහ සහ ඇම්බර් වර්ණයෙන් යුත් නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.
පොළොවේ ඉරිතැලීම් වර්ධනය වීම, පවතින ඉරිතැලීම් ගැඹුරු වීම සහ පොළොව ගිලා බැසීම, ගස් ඇලවීම, බෑවුම්වල ඉදිකර ඇති ගොඩනැගිලිවල බිම සහ බිත්තිවල ඉරිතැලීම්, හදිසියේ උල්පත් ඇතිවීම, මඩ සහිත ජලය මතුවීම, පවතින උල්පත් අවහිර වීම හෝ අතුරුදහන් වීම යන ලක්‍ෂණ පිළිබදව අවධානයෙන් සිටින ලෙස ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් එම ප්‍රදේශවල ජීවත්වන ජනතාවගෙන් ඉල්ලා සිටී.
පවතින අධික වර්ෂාව දිගටම පැවතුනහොත් හැකි ඉක්මනින් ආරක්ෂිත ස්ථාන කරා යාමට ජනතාව සූදානම්ව සිටිය යුතු බවද සඳහන් වේ.
273 Views
Comments