දිනේෂ් ෂාෆ්ටර් ඝාතන නඩුවේදී විශේෂ නියෝගයක්

බොරැල්ල කනත්ත සුසාන භූමියේදී අභිරහස් ලෙස මරණයට පත් වූ ප්‍රකට ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ මරණය සම්බන්ධයෙන් ඔහුගේ ව්‍යාපාරික හිතවතෙකු වූ ක්‍රිකට් විස්තර විචාරක බ්‍රයන් තෝමස් මහතාගේ ජංගම දුරකථන හා පරිගණක සම්බන්ධයෙන් වාර්තා කැඳවීමට අධිකරණය නියෝග කර තිබේ.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෝසමක් මගින් කළ ඉල්ලීමක් සැලකිල්ලට ගනිමින් ඊයේ දිනයේදී කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය විසින් රස පරීක්ෂකවරයා වෙත මෙම නියෝගය නිකුත් කර තිබේ.
දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ සහ ඔහුගේ සමීප ඥාති හිතවතුන්ගේ දුරකථන හා පරිගණක ඇතුළු උපාංග විස්සක් මේ වන විට නඩු භාණ්ඩ වශයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ පවතින අතර ඒ සම්බන්ධයෙන්ද තාක්‍ෂණික වාර්තා කැදවා ඇතැයි වාර්තා වේ.
273 Views
Comments