MAY
12
කොළඹ දී හදිසියේම වාහනයක් ගිනි ගනී

කොළඹ රිජ්වේ ආර්යා රෝහල ඉදිරිපිට අද (12) දහවල් මෝටර් රථයක් ගිනි ගෙන තිබේ. කොළඹ මහ නගර සභාවේ ගිනි නිවන සේවා දෙපාර්තමේන්තුව සඳහන් කළේ ගින්න නිවීම සඳහා ගිනි නිවන රථ දෙකක් යෙදවූ බවයි.
අදාළ මෝටර් රථය පශු වෛද්‍යවරයෙකුට අයත් මෝටර් රථයක් වන අතර ගින්නෙන් කිසිවෙකුටත් කිසිදු හානියක් සිදු නොවී ඇති බව ගිනි නිවන සේවා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පැවසීය.
274 Views
Comments