25 හැවිරිදි කාන්තාවක් නිවස තුළ අභිරහස් ලෙස මිය ගොස් ඇත

ඉංගිරිය ප්‍රදේශයේ නිවසක තනිව සිටි 25 හැවිරිදි තරුණියක් ඊයේ (11) පස්වරුවේ අභිරහස් ලෙස මියගොස් ඇති බව ඉංගිරිය පොලීසිය කියයි. මෙලෙස මියගොස් ඇත්තේ දිනුශිකා දමයන්ති ජයසිංහ නමැති තරුණියක් වන අතර ඇය මීට මාස කිහිපයකට පෙර විවාහ වී ඇත.
මියගිය දිනුශිකාගේ ස්වාමිපුරුෂයා සවස නිවසට පැමිණි විට සිය බිරිඳ මුළුතැන්ගෙයි සිහිසුන්ව වැටී සිටින අයුරු දැක වහා ක්‍රියාත්මක වී ඉංගිරිය ප්‍රාදේශීය රෝහල වෙත රැගෙන ගිය ද ඒ වන විටත් ඇය මියගොස් සිට ඇතැයි පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.
මියගිය තරුණිය වැටී සිටි මුළුතැන් ගෙට ආසන්න කාමරයක විදුලි පේනුවක් බිත්තියෙන් වෙන් වී පිටතට විසි වී තිබූ අතර තරුණිය මිය ගියේ පැවති ධාරානිපාත වර්ෂාවත් සමග අකුණු සැර වැදීමෙන් ද යන්න සැකයක් හට ගෙන තිබෙන බව පොලිසිය පැවසීය.
276 Views
Comments