වනජීවී සම්පත හරහා විදේශ විනිමය නංවන්න ඇමතිනී පවිත්‍රාගෙන් වෑයමක්

ශ්‍රී ලංකාවේ වනජීවී සම්පත් මෙරටට විදේශ විනිමය ගෙන ඒම සඳහා යොදා ගත හැකි බව වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසා ඇත.
ඊයේ දින ගිරිතලේ වනජීවී පුහුණු හා පර්යේෂණ ආයතනයක් විවෘත කිරීමේ උත්සවය අමතමින් ඇය කියා සිටියේ වනජීවී පර්යේෂණ ආයතන මගින් විදේශ නිලධාරීන්ට පුහුණුව ලබා දෙන්නේ නම් මෙරට ස්වභාවික සම්පත් මෙන්ම වනජීවී සම්පතටද රටට විදේශ විනිමය ගෙන ඒමට හැකි බවයි.
සමාරම්භක උත්සවය අමතමින් අමාත්‍යවරියා කියා සිටියේ ජීවිතය ගැන පවා නොසිතා දෙපාර්තමේන්තුවේ සේවය කරන වනජීවී නිලධාරීන් සඳහා වන්දි ලබාදීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට රුපියල් මිලියන 100 ක පමණ මුදලක් වෙන් කිරීමට අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් සකස් කර ඇති බවයි.
ලෝකයේ බොහෝ දියුණු රටවල නොමැති ස්වභාවික සුන්දරත්වයක් සහ දේශගුණික ආරක්ෂාවක් මෙරට ඇති බවත් මෙවැනි පුහුණු හා පර්යේෂණ ආයතන රටට විශාල දායකත්වයක් ලබා ගත හැකි ස්ථානයන් බවට පත් කළ හැකි බවත් අමාත්‍යවරිය වැඩිදුරටත් සඳහන් කර තිබේ.
291 Views
Comments