පස්සර දී පුතා දැලිපිහියකින් කැපූ පියෙක් පොලිස් දැලේ
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
09

පස්සර දී පුතා දැලිපිහියකින් කැපූ පියෙක් පොලිස් දැලේ

පස්සර දී  පුතා දැලිපිහියකින් කැපූ පියෙක් පොලිස් දැලේ

පස්සර ගෝනකැලේ වත්තේ දී  සිය 18 හැවිරිදි පුතා දැලිපිහියකින්  කැපූ පියෙකු අද (9) සැකපිට අත්අඩංගුවට ගත් බව පස්සර පොලිසිය පවසා සිටී.

 

නිවසේ ඇති වූ ආරවුලකදී පියා මෙලෙස පුතාට දැලි පිහියකින් පහරදී බරපතල තුවාල සිදු කර ඇතැයි තොරතුරු අනාවරණය වූ බව පොලිසිය පවසයි.

 

දැලිපිහියකින් කපා දැමීමෙන් මොහුගේ වම් අතේ සහ උදරය ප්‍රදේශයේ බරපතළ කැපුම් තුවාල සිදු වී ඇති බව රෝහල් ප්‍රකාශයෙකු පවසා සිටී.

 

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ පස්සර ගෝනකැලේ වත්ත රේන්දපොල  පදිංචි 49 හැවිරිදි   සිව්දරු පියෙකි.

 

18 හැවිරිදි පුතා පස්සර රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා බදුල්ල මහ රෝහලට මාරු කර යවා ඇත.

views

319 Views

Comments

arrow-up