පොලිස් නිලධාරීන්ට ලබාදෙන සංයුක්ත දීමනාව ඉහල දමයි
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
18

පොලිස් නිලධාරීන්ට ලබාදෙන සංයුක්ත දීමනාව ඉහල දමයි

පොලිස් නිලධාරීන්ට ලබාදෙන සංයුක්ත දීමනාව ඉහල දමයි

පොලිස් නිලධාරීන්ට ලබා දෙන සංයුක්ත දීමනාව වැඩි කිරීමට පියවර ගන්නා බව මහජන ආරක්ෂක අමාත්‍යාංශය පවසනවා. 

 

කැබිනට් මණ්ඩල ප්‍රතිපත්තියක් ලෙස ඒ සඳහා සිය අනුමැතිය ලබාදී ඇති බවයි එම අමාත්‍යාංශයේ ලේකම් එස්. හෙට්ටිආරච්චි මහතා සඳහන් කළේ. 


 
කෙසේ වෙතත් පවතින ආර්ථික අර්බුදය හමුවේ වැඩි කරන ලද කාලයට අදාල දීමනාව ගෙවීම කල්දැමීමට පියවර ගෙන ඇති බවයි ලේකම්වරයා ප්‍රකාශ කළේ. 


 
දැනට දින 14 ක් දක්වා පමණක් ගෙවනු ලබන සංයුක්ත දීමනාව ඉදිරියේදී දින 21 දක්වා වැඩි කිරීමට යෝජනා කර ඇති බවයි ‍මහජන ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්වරයා පැවසුවේ. 


 
පොලිස් නිලධාරීන්ට ගෙවනු ලබන සලාක දීමනාව වෙනුවට, ඊට සරිලන ප්‍රතිශතයකින් මෙම සංයුක්ත දීමනාව වැඩි කිරීමට නියමිතව තිබෙනවා.

views

288 Views

Comments

arrow-up