පාසල් යන වයසේ දරුවන්ට අර්ධ කාලීන රැකියා අවස්ථාදීමට විරෝධයක්
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
11

පාසල් යන වයසේ දරුවන්ට අර්ධ කාලීන රැකියා අවස්ථාදීමට විරෝධයක්

පාසල් යන වයසේ දරුවන්ට අර්ධ කාලීන රැකියා අවස්ථාදීමට විරෝධයක්

පාසල් යන වයසේ දරුවන්ට අර්ධ කාලීන රැකියා අවස්ථාදීමට රජය ගෙන ඇති යෝජිත නව වැඩපිළිවෙළ සඳහා විරෝධයක් එල්ල වී තිබේ.

 

වෘත්තිය සමිති හා බහුජන සංවිධාන එකමුතුව අනතුරු අඟවන්නේ යෝජිත නව වැඩපිළිවෙළ හරහා විශාල සමාජ පරිහානියක් සිදු විය හැකි බවයි.

 

ඊයේ (11) පැවැති මාධ්‍ය හමුවකදී ඔවුන් මේ පිළිබඳව පැහැදිලි කර තිබුණි.

 

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් කම්කරු අරගල මධ්‍යස්ථානයේ සංවිධායක ලේකම් දුමින්ද නාගමුව මහතා සඳහන් කළේ ඉදිරියේදී පාසල් හැර යන දරුවන් කඩිනමින් රැකියාවල් සඳහා ගෙන්වා ගැනීම මෙය තුලින් සැලසුම් කරන බවයි.

views

317 Views

Comments

arrow-up