අහංගම අවන්හලකදී සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මරුට
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
04

අහංගම අවන්හලකදී සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මරුට

අහංගම අවන්හලකදී සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මරුට

අහංගම ගොවියාපාන ප්‍රදේශයේ අවන්හල්කදී ඊයේ (04) රාත්‍රියේ වෙඩි තැබීමක් සිදුව තිබේ.

 

මෙම වෙඩි තැබීමෙන් එක් පුද්ගලයෙකු මියගොස් තවත් පුද්ගලයෙකු බරපතල තුවාල ලබා තිබේ.

 

මෙලෙස මියගොස් ඇත්තේ 44 හැවිරිදි වියේ පසුවන වැලිගම ප්‍රාදේශිය සභාවේ සේවය කල සුළු සේවකයෙකි.

 

මෙම පුද්ගලයා තවත් අයකු සමඟ අවන්හලට පැමිණ සිට ඇති අතර නාඳුනන පුද්ගලයෙකු පැමිණ වෙඩි තබා පළා ගොස් ඇති බව වාර්තා වේ.

 

මෙම සිද්ධිය සම්බන්ධයෙන් අහංගම පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.

 

මේ අතර ඊයේ (04) සවස ලුණුගම්වෙහෙර ප්‍රදේශයේ නිවසකදී ද පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කර තිබේ.

 

එලෙස ඝාතනයට ලක්ව ඇත්තේ 34 හැවිරිදි පුද්ගලයෙකි.

views

310 Views

Comments

arrow-up