“ත්‍රස්තවාදයට මුහුණ දෙන්න පුලුවන් නායකයෙක් දැන් අපිට ඉන්නවා” - වෙල්ගම

ඩලස් තමාගේ මිත්‍රයා වුවත් මේ අවස්ථාවේදී අරගලයේ ත්‍රස්තවාදීන්ට මුහුණදිය හැකි හොඳ නායකයෙකු රටට ලැබී ඇති බවත් සියළු දෙනා රට ගැන රටේ දරුවන් ගැන සිතා සර්ව පාක්ෂික ආණ්ඩුවකට සම්බන්ධ විය යුතු බවත් සමගි ජන බලවේගයේ කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී කුමාර වෙල්ගම පාර්ලිමේන්තූවේදී ඊයේ (27) පැවසීය.
අරගලයේ තරුණයින් පිටුපස සිටින්නේ ත්‍රස්තවාදී නායකයන් පිරිසක් බවද ඔහු සඳහන් කළේය.
හෙතෙම මෙසේ පැවසුවේ හදිසි නීතිය ගැසට් නිවේදනය පිළිබඳ විවාදයේදීය.
කුමාර වෙල්ගම එහිදී මෙසේද සඳහන් කළේය.
තරුණයින් ඉදිරියට දාලා ත්‍රස්තවාදී නායකයන් පසුපස සිටිනවා. මේ රටේ ජනතාව අද ගොඩක් දුක් විඳිනවා. අද කන්න විදියක් නෑ. මේ ගැන මම ගොඩක් කනගාටු වෙනවා. මිනිස්සු පෝලිම්වල මැරෙනවා. මම ඒකයි කිවේ ගෝඨාභයට බෑ කියලා. පිරිසක් මට කොට්ටාවේදී වටකරගෙන ගහන්න පටන් ගත්තා. මට පොලුවලින් ගැහුවා. එතන හිටිය වැඩිහිටි අය කිව්වා මෙයා තමයි මුලින්ම ගෝඨාභයට විරුද්ධ වුණේ කියලා.
නෑ නෑ මූත් 225න් එකෙක්, මූවත් මරන්න ඕන කියලා ඒ වෙලාවේදි ඒ කට්ටිය කිව්වා. මාව ඇදලා ගන්න කොට කාර් එක ගිනි ගන්නවා. තව විනාඩි දෙකක් හිටිය නම් මම වාහනේ ඇතුළේ ගිනි අරගෙන මැරෙනවා.
මාව විතරක් නෙවෙයි, මන්ත්‍රීවරුන් අනු තුන්දෙනකුට ගැහුවා. මේ වගේ දේවලට අපිට ඉඩ දෙන්න බෑ. මට ගහපු තරුණයන් ගැන මම දුක්වෙනවා. මගේ ආයුෂ විස්සක් තිබුණනම් ගුටි කාපු නිසා ඒක දහයට බැස්සා. මට ගහපු තරුණයන්ට හිරිහැර කරන්න එපා. ඒ අය පිටුපස්සේ ඉන්නේ ත්‍රස්තවාදී නායකයන්. ත්‍රස්තවාදී නායකයන්ට ඔළුව උස්සන්න දෙන්න බැහැ”
266 Views
Comments