පෙම්වතියගේ උපක්‍රමයෙන් අවුරුදු 14ක පාසල් සිසුවිය සමඟ දින 20ක් පවුල් කෑ තරුණයා මාට්ටු
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
29

පෙම්වතියගේ උපක්‍රමයෙන් අවුරුදු 14ක පාසල් සිසුවිය සමඟ දින 20ක් පවුල් කෑ තරුණයා මාට්ටු

පෙම්වතියගේ උපක්‍රමයෙන් අවුරුදු 14ක පාසල් සිසුවිය සමඟ දින 20ක් පවුල් කෑ තරුණයා මාට්ටු

අවුරුදු 14ක බාල වයස්කාර පාසල් සිසුවියක් සමඟ දින 20කට ආසන්න කාලයක් පවුල් කෑ 25 හැවිරිදි සැකකාර තරුණයෙකු රිමාන්ඩ් භාරයේ තබන ලෙස මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් ටී. තේනබදු මහත්මිය නියෝග කළාය.

 

මිනුවන්ගොඩ පදිංචි තරුණ සැකකරු මෙලෙස රිමාන්ඩ් භාරයට පත් කෙරුණි.

 

අධිකරණය හමුවට ඉදිරිපත් කෙරුණු දැරිය සම්බන්ධයෙන් පරිවාස වාර්තාවක් කැදවූ අධිකරණය එම දැරිය මීගමුව ප්‍රදේශයේ ළමා සුරැකුම් මධ්‍යස්ථානයකට ඇතුළත් කරන ලෙස මීගමුව බන්ධනාගාර අධිකාරිවරයාට නියම කළේය. 


සුපිරි වෙළෙඳසැලක් අසලදී දෙදෙනා ප්‍රේම සම්බන්ධයක් ඇති කරගෙන ඇතැයි පොලිසිය කීය. 


සැකකරු දැරියව මදුරන්කුලිය ප්‍රදේශයේ ඥාති නිවසක දින 20කට ආසන්න කාලයක් රඳවාගෙන තබාගෙන ඇතැයි පොලිසිය අධිකරණය හමුවේ පැවසුවේය. 


සැකකරුට තවත් ප්‍රේමවන්තියක් සිටින බවත් ඇය සහ මෙම දැරිය අතර සම්බන්ධතාවයක් ගොඩනැඟී තිබූ බවත් අධිකරණයේදී අනාවරණය විය. 

 

සැකකරුගේ එම ප්‍රේමවන්තිය කළ උපක්‍රමයකින් දැරිය හොර රහසේ මව්පියන් සොයා පැමිණ තිබේ. 

views

438 Views

Comments

arrow-up