අද කාලගුණය

උතුර, උතුරු මැද සහ නැගෙනහිර පළාත්වල අහස වළාකුලින් බරව පවති.
සබරගමුව, මධ්‍යම, උතුරු-මැද, ඌව,දකුණු, වයඹ සහ නැගෙනහිර පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.
නැගෙනහිර , ඌවසහ දකුණු පළාත්වලඋදෑසන කාලයේදී වැසි ඇතිවිය හැක.
සබරගමුව, මධ්‍යම, උතුරු-මැද, ඌව,දකුණු සහ නැගෙනහිර පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 75 ට වැඩි තරමක තද වැසි ද ඇතිවිය හැක.
ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.
දිවයින වටා වනමුහුදු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. හම්බන්තොට සිට පොතුවිල් හරහා මඩකලපුව දක්වා වන මුහුදු ප්‍රදේශයේ ඇතැම් ස්ථානවලට තද වැසිද ඇතිවිය හැක.
දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළං නිරිත දිශාවෙන් හෝ නිශ්චිත දිශාවකින් තොරව හමා එයි. සුළගේ වේගය පැ.කි.මී. (20-30) පමණ වේ. ගාල්ල සිට මාතර හරහා හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. 40දක්වා වැඩි විය හැක.
ගාල්ල සිට මාතර හරහා හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශමද වශයෙන් රළු වේ. දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශ සාමාන්‍ය ස්වභාවයේ සිට මද වශයෙන් රළු දක්වා වේ.
289 Views
Comments