AUG
04
කොත්මලේ දී බස් රථයක් ප්‍රපාතයකට පෙරළි පුද්ගලයෙක් මරුට

ඊයේ (04) සවස 3.30ට පමණ අධික වර්ෂාව මධ්‍යයේ ධාවනය වෙමින් තිබූ බස් රථයක් අඩි 80ක පමණ ප්‍රපාතයකට පෙරළී තිබේ.
පුඩළුඔය සිට ගම්පොල දක්වා ද ධාවනය වෙමින් තිබූ පෞද්ගලික බස් රථයක් කොත්මලේ මල්හෑව ප්‍රදේශයේ දී මෙලෙස අනතුරට පත්ව තිබේ.
මෙම අනතුරෙන් එක් අයෙකු මියගොස් තවත් 12 දෙනෙකු තුවාල ලබා තිබේ.
තුවාල ලැබූවන් කොත්මලේ සහ ගම්පොල රෝහල් වෙත ඇතුළත් කර තිබේ.
අනතුරින් මියගොස් ඇත්තේ නවකඩදොර ප්‍රදේශයේ පදිංචි 56 හැවිරිදි ධම්මික හේමන්ත යාපා නම් පුද්ගලයෙකි.
301 Views
Comments