රුවන් විජේවර්ධන දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති උපදේශක තනතුරට

රුවන් විජේවර්ධන මහතා දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති උපදේශක තනතුරට පත් කර තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම පත් කිරීම සිදුකර ඇත්තේ ක්ෂේත්‍ර රැසක් ආවරණය වන පරිදි ක්‍රියාත්මක කළ යුතු ව්‍යාපෘති රැසක් වෙනුවෙන් උපදේශ හා සහයෝගය ලබාගැනීම සඳහාය.
කාබනික විමෝචනය සහ හරිතාගාර ආචරණය වළක්වා ගැනීම, පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති ක්‍රියාවට නැංවීම, හරිත ආර්ථිකයක් ගොඩනැගීම එසේ ආවරණය කිරීමට බලාපොරොත්තු වන ක්ෂේත කිහිපයකි.
රුවන් විජේවර්ධන මහතා එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායකවරයායි.
336 Views
Comments