බ්ලැක් කැප් ව්‍යාපාරය අරගල භූමියෙන් ඉවතට
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
28

බ්ලැක් කැප් ව්‍යාපාරය අරගල භූමියෙන් ඉවතට

බ්ලැක් කැප් ව්‍යාපාරය අරගල භූමියෙන් ඉවතට

ගාලුමුවදොර අරගලයට සහය දැක්වූ බ්ලැක් කැප් ව්‍යාපාරය ඊයේ (28) ගාලුමුවදොර අරගල භූමියෙන් ඉවත් වී තිබේ.

 

ගාලු මුවදොර අරගලයේ සංකේතීය ජයග්‍රහණය අත්පත් කරගෙන ඇති නිසා තවදුරටත් එම භූමිය තුළ රැඳී සිටිමින් සිදු කළ හැකි අරගලයක් නැතැයි තමන් විශ්වාස කරන බව බ්ලැක් කැප් ව්‍යාපාරය පවසයි.

 

ඔවුන් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ මෙතැන් සිට අරගලය ඇත්තේ ගාලු මුවදොර කුඩා බිම් කඩක නොව පුළුල් සමාජ දේශපාලන අවකාශයක් තුළ බවයි.

 

ඔවුන් වැඩිදුරටත් පවසන්නේ අරගලය ගාලුමුවදොරින් ඔබ්බට ගෙන යෑම සඳහා 'අරගලය 4.0' නමින් නවතම මුහුණුවරකින් ආරම්භ කරන බවයි.

views

263 Views

Comments

arrow-up