කොත්මලේ ජලාශයේ වාන් දොරටු 3ක් විවෘත වෙයි

පවතින අධික වර්ෂාවත් සමග කොත්මලේ ගාමිණී දිසානායක ජලාශයේ වාන් දොරටු 3 ස්වයංක්‍රීයව විවෘත වී ඇත.
කොත්මලේ ජලාශය මෙලෙස වාන් දැමීම ආරම්භ කර ඇත්තේ වසරකට පසුවයි.
පවතින අධික වර්ෂාවත් සමග තවත් වාන් දොරටු විවෘත විය හැකි බව කොත්මලේ ජලාශය භාර නිලධාරීන් පවසයි.
එම නිසා ජලාශයට පහල උලපනේ, ගම්පොළ, ගෙලිඔය, පේරාදෙනිය සහ මහනුවර ඇතුළු ප්‍රදේශවල පිරිස් මහවැලි ගඟ අසල කටයුතු කිරීමෙන් වළකින ලෙස ඔවුන් වැඩි වැඩිදුරටත් ඉල්ලා සිටියි.
1979 වසරේ කඩිනම් මහවැලි යෝජනා ක්‍රමයේ යටතේ ඉදි කළ කොත්මලේ ජලාශය මීටර් 85ක උසකින් හා මීටර් 600ක දිගකින් යුක්ත වන අතර ජලාශයේ ධාරිතාව ඝන මීටර් දස ලක්ෂ එකසිය හැත්තෑ හතර දහසකි.
කොත්මලේ ජලාශය මඟින් මෙගාවොට් 134ක විදුලියක් නිෂ්පාදනය කරයි.
323 Views
Comments