බස්නාහිර පළාතේ වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම සතියේ වැඩ කරන සෑම දිනකම
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
11

බස්නාහිර පළාතේ වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම සතියේ වැඩ කරන සෑම දිනකම

බස්නාහිර පළාතේ වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම සතියේ වැඩ කරන සෑම දිනකම

රට තුළ පැවති ඉන්ධන අර්බුදයට මේ වන විට යම් සහනයක් ලැබී ඇති බැවින් මහජනතාව වෙත අඛණ්ඩව සේවාවක් සැලසීම සඳහා බස්නාහිර පළාතේ ලියාපදිංචි වාහන සඳහා වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම සතියේ වැඩ කරන සියලුම දිනවලදී සිදු කිරීමට තීරණය කර තිබේ.

 

ඒ අනුව මාලිගාවත්ත බස්නාහිර පළාත් මොටර් රථ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයෙන් හෝ බස්නාහිර පළාතේ සියලුම ප්‍රාදේශීය ලේකම් කාර්යාල වලින් සතියේ වැඩ කරන ඕනෑම දිනකදී වාහන ආදායම් බලපත්‍ර ලබාගත හැකිය.

 

එසේම 2022 ජූලි මස 29 දා සිට කල් ඉකුත්වන බස්නාහිර පළාතේ ලියාපදිංචි වාහන සඳහා 2022 අගෝස්තු මස 31 දින දක්වා වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීමේදී දඩ මුදලක් අය නොකිරීමට ද තීරණය කර ඇත.

 

මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම්වරයා මේ බව සඳහන් කරයි.

views

369 Views

Comments

arrow-up