විදුලිය විසන්ධි විය හැකි වේලාවන් මෙන්න
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
02

විදුලිය විසන්ධි විය හැකි වේලාවන් මෙන්න

විදුලිය විසන්ධි විය හැකි වේලාවන් මෙන්න

අද පස්වරු 6.30 සිට රාත්‍රි 8.30 දක්වා කාලය තුළ පැයක පමණ විදුලිය කප්පාදුවක් සිදුකිරීමට බොහෝ දුරට ඉඩ ඇතැයි ලංකා විදුලිබල මණ්ඩලය නිවේදනය කර තිබේ.

 

එම මණ්ඩලය පවසන්නේ නොරොච්චෝලේ බලාගාරයේ 03 වන විදුලි ජනන යන්ත්‍රය තාක්ෂණික දෝෂයක් හේතුවෙන් අද යළි අක්‍රිය වීමත් සමග මතුවන මෙගාවොට් 150කට ආසන්න විදුලි හිඟය නිසා මෙම කප්පාදුව කිරීමට සිදුවන බවය.

 

අද රාත්‍රියේ ජාතික විදුලි ඉල්ලුම ඊයේ දිනයේ මෙන්ම මෙගාවොට් 700 ඉක්මවා ඉහළ ගියහොත් මෙම තත්ත්වය ඇතිවිය හැකිය.

 

හැකිතාත් විදුලි පරිභෝජනය අවම කර ජාතික විදුලි ඉල්ලුම අඩු කරගැනීමට සහාය වන්නැයිද එම මණ්ඩලය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

views

827 Views

Comments

arrow-up