තෙල් බවුසරයක් අනතුරේ

ඊයේ (05) දා පස්වරු 4.30 ට පමණ පේරාදෙණිය සරසවි උයන තෙල් ගබඩාවේ සිට මහියංගණ ලංගම ඩිපෝව සදහා ඩීසල් ලීටර 6600ක් ප්‍රවාහනය කරමින් තිබූ බවුසර් රථයක් උඩදුම්බර පොලිස් වසමේ කෝවිල්මඩ ප්‍රදේශයේදී මාර්ගය හරහා පෙරලී ගොස් අනතුරට පත්ව ඇති බව පොලීසිය පවසයි.
මේ අනතුරෙන් බවුසර් රථයේ රියදුරු සහ සහායක සුළු තුවාල ලබා උඩදුම්බර රෝහලට ඇතුලත් කොට ඇත.
අනතුර හේතුවෙන් බවුසර් රථයේ තිබූ ඩීසල් ලීටර 4000 ක් පිටතට ගලා ගොස් ඇති අතර වෙනත් බවුසර් රථයකින් ඉතිරි ඩීසල් ලීටර 2600 ක ප්‍රමාණයක පේරාදෙණිය ඉන්ධන ගබඩාව වෙත ආපසු රැගෙන ගොස් ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් උඩදුම්බර පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
242 Views
Comments