JAN
30
එක්ස්ප්‍රස් පර්ල් නෞකාව කැබලි කිරීම ඇරඹේ

2021 වසරේ මැයි මාසයේ දී කොළඹ වරාය ආසන්නයේ ගිනි ගෙන මුහුදු බත් වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාව කැබලි කර රැගෙන යෑමේ කටයුතු මේ වන විට ආරම්භ කර තිබේ.
චීන සමාගමක් විසින් අදාළ නෞකාව කපා ඉවත් කිරීමේ මෙහෙයුම් ආරම්භ කර තිබේ.
සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය ප්‍රකාශ කළේ සමුද්‍රීිය පරිසරයට විය හැකි හානිය අවම වන අයුරින් එම කටයුතු සිදුකරන බවයි.
එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගෙන මුහුදු බත් වීම හේතුවෙන් මෙරට ඇමරිකානු ඩොලර් මිලියන 10ක වන්දියක් ගෙවීමට අදාල සමාගමට සිදුවුණි.
223 Views
Comments