යුද හමුදාවේ දෙවැනියා පත් කෙරේ
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
21

යුද හමුදාවේ දෙවැනියා පත් කෙරේ

යුද හමුදාවේ දෙවැනියා පත් කෙරේ

යුද්ධ හමුදාවේ නව නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානි ලෙස ගජබා රෙජිමේන්තුවේ මේජර් ජෙනරල් සී.ඩී. රණසිංහ පත් කොට තිබේ.

 

 

හෙතෙම නව ධූරයේ රාජකාරි ආරම්භ කිරීම යුද්ධ හමුදා මූලස්ථානයේදී  සිදු විය.

 

 

මෙම ධූරයේ රාජකාරි කටයුතු භාරගැනීමට ප්‍රථම මේජර් ජෙනරල් සී.ඩී. රණසිංහ  2021 වර්ෂයේ සිට මාස 21 කට අධික කාලසීමාවක් ආරක්‍ෂක සේනා ආඥාපති - වන්නි ධූරය හෙබවූවේය.

 

 

 වර්ෂ 2009 මැයි මාසයට පෙර පැවති මානුෂීය මෙහෙයුමේ අවසන් අදියර පැවති කාලසිමාවේදි හෙතෙම 14 ගජබා රෙජිමේන්තුවේ අණදෙන නිලධාරි ධූරය ද හොබවනු ලැබීය.

 

 

වර්ෂ 1968 ඔක්තෝබර් මස 31 දින කොට්ටාව ප්‍රදේශයේදී උපත ලැබූ මේජර් ජෙනරල් සී.ඩී. රණසිංහ, පන්නිපිට්ය ධර්මපාල විද්‍යාලයේ කීර්තිමත් ආදි සිසුවෙකි.

 

 

 යුද බිමේදී සතුරා හමුවේ දැක්වූ නිර්භීතකම ඇගයීමට ලක්කරමින් ඔහු ‘රණ වික්‍රම පදක්කම’ සහ ‘රණ ශූර පදක්කමෙන්’ පිදුම් ලබා ඇත.

views

145 Views

Comments

arrow-up