කැනියුලාවක් නිසා රෝගියෙක් මියයයි.
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
14

කැනියුලාවක් නිසා රෝගියෙක් මියයයි.

කැනියුලාවක් නිසා රෝගියෙක් මියයයි.

කැනියුලාවකින් සිදුවූ විෂබීජ ආසාදනයකින් උණ රෝගියෙකු මියයෑමේ පුවතක් පානදුර මූලික රෝහලෙන් ඊයේ (13) වාර්තා වී ඇත.



මෙලෙස මියගොස් ඇත්තේ, ඖෂධ නියාමන අධිකාරියේ කළමනාකාර සහයකවරයෙක් බවයි මාධ්‍ය වාර්තා කරයි.



සති දෙකකට පමණ පෙර උණ වැළඳී ගාල්ල ප්‍රදේශයේ රජයේ රෝහලකට ඇතුළත් කර ඇති අතර එහිදී සවිකළ කැනියුලාව ආසාදනය වී විෂබීජ ශරීරගතවී ඇති බව පැවසේ.



රෝගී තත්වය උත්සන්න වූ පසුව පානදුර මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර එහිදී ඔහු මියගොස් තිබේ. කැනියුලාවෙන් සිදුවූ විෂබීජ ආසාදනයක් මරණයට හේතු වන්නට ඇතැයි වෛද්‍යවරුන් විශ්වාස කරන බව පැවසේ.

 

 

views

381 Views

Comments

arrow-up