නඩුවක් ගැන කියන්න ආ පොලිස් නිළධාරියාට පහරදුන් මුළු දිවයිනටම සාම විනිසුරු
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
14

නඩුවක් ගැන කියන්න ආ පොලිස් නිළධාරියාට පහරදුන් මුළු දිවයිනටම සාම විනිසුරු

නඩුවක් ගැන කියන්න ආ පොලිස් නිළධාරියාට පහරදුන් මුළු දිවයිනටම සාම විනිසුරු

අධිකරණයේ විභාග වන නඩුවකට පෙනී සිටින ලෙසට දැනුම් දීමට මහනුවර මාපානවතුර ප්‍රදේශයේ නිවසකට ගිය පොලිස් සැරයන්වරයකුට එම නිවසේ සිටි පියා සහ පුතුන් දෙදෙනකු විසින් පහර දී රාජකාරියට බාධා කිරීම සම්බන්ධයෙන් 70 හැවිරිදි ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගත් බව මහනුවර පොලිසිය කියයි.



මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මුළු දිවයිනටම සාමාදාන විණිසුරුවරකු වශයෙන් කටයුතු කරන පුද්ගලයකුය. ඔහුගේ පුතුන් දෙදෙනා දැනට ප්‍රදේශයෙන් පැනගොස් සැඟව සිටින බවද පොලිසිය පවසයි.



ඉහත සැකකරු සම්බන්ධයෙන් විභාග වන නඩුවක් වෙනුවෙන් 2023.08.23 දින පෙනී සිටින ලෙසට දන්වා මහනුවර මුලස්ථාන පොලිසියේ රාජකාරි කරන සැරයන්වරයා සැකකරුගේ නිවසට ගොස් සිද්ධිය දැනුම් දුන් අවස්ථාවේ එම සැකකරු නඩුවට විරෝධය දක්වමින් පොලිස් සැරයන්වරයාට පරුෂ වචනයෙන් බැන වැදී පහර දී ඇති බව පොලිසිය පවසයි.
 

views

411 Views

Comments

arrow-up