අස්ගිරි අනුනායක හිමියන් ප්‍රතිත්‍රස්ත පනත ගැන කියන කතාව

අසීමිත නිදහස තුළින් ජනතාව අසීරුතාවට පත්වන්නේ නම් ඊට ඉඩ ලබාදීමට රජයකට නොහැකි බවත්, රටේ නීතිය ආරක්ෂා කරගනිමින් පාලනය ගෙනයාමේ දී යම් යම් තීන්දු තීරණ ගැනීමට රජයකට සිදුවන බවත් අස්ගිරි පාර්ශවයේ අනුනායක පූජ්‍ය ආණමඩුවේ ධම්මදස්සී හිමියන් ප්‍රකාශ කරයි.
ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතේ පවතින අහිතකර තත්ත්වයන් සම්බන්ධයෙන් නිදහස ජනතා සභාව නියෝජනය කරන ඩලස් අලහප්පෙරුම මන්ත්‍රීවරයා ඇතුළු මන්ත්‍රී කණ්ඩායම ඊයේ අස්ගිරි මහා විහාරය වෙත පැමිණි අවස්ථාවේ අස්ගිරි පාර්ශවයේ අනුනායක පූජ්‍ය ආණමඩුවේ ධම්මදස්සී හිමි මේ බව කියා සිටියේය.
256 Views
Comments