නැකැත් වේලාවන් පසුවන තුරු ලංගම බස් ධාවනයේ අඩුවක්
විදේශගත ඔබට
Latest_News
calendar
APR
14

නැකැත් වේලාවන් පසුවන තුරු ලංගම බස් ධාවනයේ අඩුවක්

නැකැත් වේලාවන් පසුවන තුරු ලංගම බස් ධාවනයේ අඩුවක්

අලුත් අවුරුද්ද යෙදෙන අද දිනයේ බස් රථ ධාවනය අතිශය සීමා සහිත වන බව ලංකා ගමනාගමන මණ්ඩලය සහ ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසා සිටී.

 

පුණ්‍ය කාලය අද උදෑසන ආරම්භ වූ බැවින් නැකැත් වේලාවන් පසුවනතුරු බස් ධාවනය අතිශය සීමා වනු ඇති බව සඳහන් වේ.

 

ලංකා ගමනාගමන මණ්ඩලය සහ ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසා සිටින්නේ වැඩ ඇල්ලීමේ නැකතින් පසුවද බස් රථ ධාවනය මගී අවශ්‍යතාව මත පමණක් කොළඹ සිට පිට පළාත් දක්වා සිදු වනු ඇති බවයි.

 

මෙලෙස බස්රථ 2 5ක් හෝ 30 ක් පමණ ධාවනය වීමට ඉඩ ඇති බව ලංකා ගමනාගමන මණ්ඩලයේ ධාවන අංශයේ නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරී පණ්ඩුක ස්වර්ණහංස මහතා පවසා සිටියේය.

views

240 Views

Comments

arrow-up