දකුණු කොරියානු තානාපතිවරයා ලංකාවට සමු දෙයි

නික්ම යන ශ්‍රී ලංකාවේ දකුණු කොරියානු තානාපති Wonjin Jeong මහතා බ්‍රහස්පතින්දා (06) දින ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමු වී ඇත.
ශ්‍රී ලංකාවේ සිය ධූර කාලය අවසන් වන බව නිල වශයෙන් ප්‍රකාශ කළ Wonjin Jeong මහතා ජනාධිපතිවරයා සමග සුහද සාකච්ඡාවක නිරත විය.
ඔහු 2020 වසරේ ජූලි 2 වනදා සිට මේ වන තෙක් ශ්‍රී ලංකාවේ දකුණු කොරියානු තානාපතිවරයා ලෙස සේවය කරන ලදී.
ජනාධිපති වික්‍රමසිංහ මහතා දකුණු කොරියානු තානාපතිවරයාගේ පාලන සමයේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් ඉටු කළ සේවයට ස්තූතිය පළ කළ අතර, ඔහුගේ ඉදිරි කටයුතු සඳහා සුභ පැතුම් එක්කර ඇත.
මෙම අවස්ථාවට දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජේවර්ධන මහතා ද එක්ව තිබේ.
249 Views
Comments