මට්ටක්කුලියේදී තියුණු ආයුධ වලින් පහරදී පුද්ගලයෙක් මරාදමයි
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
31

මට්ටක්කුලියේදී තියුණු ආයුධ වලින් පහරදී පුද්ගලයෙක් මරාදමයි

මට්ටක්කුලියේදී තියුණු ආයුධ වලින් පහරදී පුද්ගලයෙක් මරාදමයි

මට්ටක්කුලිය, කැළණි ගඟ මෝල පාරේදී ත්‍රීරිරෝද රථයකින් පැමිණි පිරිසක් විසින්, නිවසක් ඉදිරිපිට සිටි පුද්ගලයෙකුට ඊයේ (30) රාත්‍රියේදී තියුණු ආයුධවලින් පහරදී පලා ගොස් තිබේ.

 

පහරකෑමෙන් බරපතළ තුවාල ලැබූ පුද්ගලයා කොළඹ ජාතික රෝහල වෙත ඇතුළත් කිරීමේදී මිය ගොස් සිටි බව පොලිසිය සඳහන් කර සිටී.

 

පුද්ගලික ආරවුලක් මෙම ඝාතනයට හේතු වී ඇති බවට අනාවරණය වී ඇති අතර, මියගිය පුද්ගලයා වයස අවුරුදු 39 ක අයෙක් බව සඳහන් වේ.

 

ඝාතනය සඳහා පැමිණි පුද්ගලයින් හඳුනා ගෙන ඇති අතර, ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය විමර්ශන ආරම්භ කර ඇත.

 

මට්ටක්කුලිය පොලිසිය විසින් සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කරනු ලැබේ.

views

220 Views

Comments

arrow-up