“ව්‍යවසාය” අලෙවි හා අධ්‍යාපනික ප්‍රදර්ශනය 31 වනදා සිට BMICH හිදී
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
24

“ව්‍යවසාය” අලෙවි හා අධ්‍යාපනික ප්‍රදර්ශනය 31 වනදා සිට BMICH හිදී

“ව්‍යවසාය” අලෙවි හා අධ්‍යාපනික ප්‍රදර්ශනය  31 වනදා සිට BMICH  හිදී

තරුණ ව්‍යවසායකයින් බල ගැන්වීමේ අරමුණින් ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශය සංවිධානය කරන ලද “ව්‍යවසාය” අලෙවි හා අධ්‍යාපනික ප්‍රදර්ශනය ලබන 31 වනදා සිට දින තුනක කාලයක් බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්වීමට නියමිත වේ.

 

ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා සඳහන් කළේ, දේශීය ව්‍යවසායකයින් 300 කට පමණ මෙහිදී සිය නිෂ්පාදන ප්‍රදර්ශනය සඳහා ඉදිරිපත් කිරීමේ අවස්ථාව ලබාදී ඇති බවයි.

 

ඇගලුම්, විසිතුරු නිර්මාණ, බෑග්, සපත්තු, ආභරණ, ආයුර්වේද නිෂ්පාදන, වගාවන් සහ ආහාර මෙම ප්‍රදර්ශනය සඳහා ඉදිරිපත් කිරීමට නියමිත වේ.

views

271 Views

Comments

arrow-up