අලුත්ගම තරු පන්තියේ හෝටලයකදී රුසියානු ජාතික යුවළකගේ මුදල් උස්සලා

රුසියානු ජාතික යුවළක් විසින් ඊයේ ඇමෙරිකානු ඩොලර් 800 ක විදෙස් මුදල් ප්‍රමාණයක් අස්ථානගත වී ඇති බවට අලුත්ගම පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බව වාර්තා වේ.
පසුගිය 17 වැනිදා මෙරට සංචාරයක් සඳහා පැමිණි ඔවුන්, අලුත්ගම, මොරගල්ල ප්‍රදේශයේ තරු පන්තියේ සංචාරක හෝටලයක නවාතැන් ගෙන ඇති අතර, හෝටලය විසින් තමන්ට ආරක්ෂිත සේප්පුවක් ද ලබා නොදුන් බව විදේශික යුවළ පොලිසියට වැඩිදුරටත් සඳහන් කර තිබේ.
මුදල් අතුරුදන් වූ ආකාරය පිළිබඳව මේ දක්වා හෙළි වී නොමැති බව සඳහන් වේ.
220 Views
Comments