ලිඳුල ප්‍රදේශයේ වතුයායක බඹර ප්‍රහාරයකින් එක් අයෙක් මරුට
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
31

ලිඳුල ප්‍රදේශයේ වතුයායක බඹර ප්‍රහාරයකින් එක් අයෙක් මරුට

ලිඳුල ප්‍රදේශයේ වතුයායක බඹර ප්‍රහාරයකින් එක් අයෙක් මරුට

ලිඳුල පොලිස් වසමට අයත් ෆර්රාම් වතුයායේ වැඩ කරමින් සිටි වතු කම්කරුවන් පිරිසකට අද උදෑසන 10.00 ට පමණ බඹර ප්‍රහාරයක් එල්ල වී ඇති අතර එම අනතුරින් එක් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ.

 

බඹර ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත්වී ඇත්තේ ලිඳුල ෆර්රාම් වතුයායේ පදිංචි 72 හැවිරිදි පුද්ගලයෙක් බව සඳහන් වේ.

 

තවත් වතු කම්කරුවන් දෙදෙනෙකු තුවාල ලබා ලිඳුල ප්‍රාදේශීය රෝහල වෙත ඇතුළත් කර ඇත.

 

බඹර ප්‍රහාරයෙන් තුවාල ලැබූ පුද්ගලයන් තුන් දෙනා ලිඳුල ප්‍රාදේශීය රෝහල වෙත රැගෙන එන අවස්ථාවේදී මෙසේ එක් අයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව අනාවරණය වී තිබේ.

views

219 Views

Comments

arrow-up