MAR
31
පද්ධති දෝෂයක් හේතුවෙන් චැංගි ගුවන්තොටේ දැඩි තදබදයක්

පද්ධතියේ ඇති වූ දෝෂයක් හේතුවෙන් සිංගප්පූරුවේ ගුවන්තොටුපොල වල මගී නිෂ්කාශන කටයුතුවලට බාධා එල්ල වී තිබෙන බව වාර්තා වේ.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ මේ හේතුවෙන් එරට ප්‍රධාන ගුවන්තොටුපොල වන චැංගි ගුවන් තොටුපොලෙහි විශාල තදබදයක් හට ගෙන ඇති බවයි.
මගී නිෂ්කාශන පද්ධතියේ ඇති වූ මෙම දෝෂය යථා තත්ත්වයට පත් කිරීමට පියවර ගනිමින් සිටින බව එරට ආගමන විගමන බලධාරීන් නිවේදනය කර ඇත.
223 Views
Comments