කතිර සටනට ගොස් මට්ටු වී සිටින රාජ්‍ය සේවකයින්ට පඩි ගෙවන චක්‍රලේඛය නිකුත් කෙරේ
විදේශගත ඔබට
Latest_News
calendar
APR
07

කතිර සටනට ගොස් මට්ටු වී සිටින රාජ්‍ය සේවකයින්ට පඩි ගෙවන චක්‍රලේඛය නිකුත් කෙරේ

කතිර සටනට ගොස් මට්ටු වී සිටින රාජ්‍ය සේවකයින්ට පඩි ගෙවන චක්‍රලේඛය නිකුත් කෙරේ

මෙවර පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා නාම යෝජනා භාරදෙන ලද රාජ්‍ය නිලධාරීන්ට වැටුප් ගෙවීම සඳහා වන චක්‍රලේඛය නිකුත් කර ඇති බව වාර්තා වේ.

 

රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශ ලේකම් රංජිත් අශෝක මහතා විසින් අමාත්‍යාංශ ලේකම්වරුන්, පළාත් ප්‍රධාන ලේකම්වරුන් සහ දෙපාර්තමේන්තු නිලධාරීන් වෙත අදාල චක්‍රලේඛය නිකුත් කර ඇති බව සඳහන් වේ.

 

පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට නාමයෝජනා ලබාදී වැටුප් රහිත නිවාඩු මත සිටින රාජ්‍ය නිලධාරීන්ට පසුගිය මාසයේ 09 වන දා සිට මේ මස 25 වනදා දක්වා වූ කාලය වැටුප් සහිත නිවාඩු ලෙස සලකා, ඔවුන්ට හිමි මූලික වැටුප ගෙවීමට කටයුතු කරන ලෙස එහි දැක්වෙන බව සඳහන් වේ.
 

views

216 Views

Comments

arrow-up