පේරාදෙණියේ රූමත් පෙරපාසල් ගුරුවරිය ගෙල කපා සාහසික ලෙස මරාදැමුවේ කවුද?
විදේශගත ඔබට
Latest_News
calendar
APR
07

පේරාදෙණියේ රූමත් පෙරපාසල් ගුරුවරිය ගෙල කපා සාහසික ලෙස මරාදැමුවේ කවුද?

පේරාදෙණියේ රූමත් පෙරපාසල් ගුරුවරිය ගෙල කපා සාහසික ලෙස මරාදැමුවේ කවුද?

මුරුතලාව ප්‍රදේශයේ පදිංචිව සිටි 25 හැවිරිදි පෙරපාසල් ගුරුවරියක් තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර ඇති බව වාර්තා වේ.

 

අංජලී චාපා නැමැති මෙම තරුණිය පෙරපාසලේ සංවිධානය කර තිබූ අවුරුදු උත්සවයක් වෙත සහභාගී වීමට යමින් සිටියදී පේරාදෙණිය, කොබ්බෑකඩුව, ගිනිහේන  මාර්ගයේ ගිනිහේන සුසාන භූමිය අසළ දී කිසිවෙකු විසින් ඇයගේ ගෙල කපා මෙම ඝාතනය සිදු කර ඇතැයි තොරතුරු අනාවරණය වී තිබේ.

 

සැකකරුවන් සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරු හෙළිවී නොමැති අතර, ඇය නිවසේ සිට එන අතරතුර දුරකතනයෙන් යමෙකු හා කතා කරමින් ගොස් තිබෙන බවට තොරතුරු අනාවරණය වී තිබේ.

 

ඇගේ ජංගම දුරකතනය ඔස්සේ දත්ත ලබා ගනිමින් සැකකරු හඳුනා ගැනීම සඳහා පරීක්ෂණ පවත්වන බව පොලිසිය කියයි.

 

පේරාදෙණිය පොලිස් ස්ථානාධිපති ,ප්‍රධාන පොලිස් පරීක්ෂක විජිත විජේකෝන් මහතා ඇතුළු කණ්ඩායමක් විසින් මෙම ඝාතනය සම්බන්ධයෙන් වැඩි දුර පරීක්ෂණ පවත්වන අතර මෘත ශරීරය ඉලුක්තැන්න රෝහලේ තැන්පත් කර ඇති බව වාර්තා වේ.

views

241 Views

Comments

arrow-up