APR
14
මහවිලච්චියේ වන අලි පහරදීමකින් පුද්ගල මරණයක්

මහවිලච්චිය වැව් පිටියේ දී වන අලි පහරදීමකින් පුද්ගලයෙකු මියගොස් ඇති බව වාර්තා වේ.
මෙසේ මිය ගොස් ඇත්තේ 68 හැවිරිදි පුද්ගලයෙකි.
මහවිලච්චිය වැවේ තවත් දෙදෙනෙකු සමග මසුන් ඇල්ලීමට ගොස් නැවත නිවසට යමින් සිටියදී ඊයේ (13) පස්වරුවේ ඔහු මෙම වන අලි පහරදීමට ලක්ව තිබෙන බව වාර්තා වේ.
ඔහුගේ මෘත ශරීරය මහවිලච්චිය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබෙන බව සඳහන් වේ.
284 Views
Comments