කැස්බෑවේ මාර්ගයක අබිරහස් මළ සිරුරක්

කැස්බෑව මාකන්දන ප්‍රදේශයේ මාර්ගයක සැකකටයුතු ආකාරයෙන් යතුරුපැදියක් සමග වැටී මියගොස් සිටි පුද්ගලයෙකුගේ මළ සිරුරක් අද අලුයම සොයාගෙන තිබෙන බව වාර්තා වේ.
මෙලෙස මියගොස් ඇත්තේ බොරලැස්ගමුව වැවපාරේ පදිංචිව සිටි 34 හැවිරිදි පුද්ගලයෙක් බව අනාවරණය කරගෙන ඇති අතර මියගිය පුද්ගලයාගේ මුහුණට බරපතළ තුවාල සිදුවී තිබූ බව සඳහන් වේ.
කැස්බෑව - බණ්ඩාරගම මාර්ගයේ විතානන්පේරුව වංගුවේදී, යතුරුපැදිය බණ්ඩාරගම දෙස සිට පැමිණීමේදී ඇදවැටී ආ බවට මාර්ගයේ සලකුණු දක්නට ඇති අතර මළ සිරුර මාර්ගයේ මුනින් අතට වැටී තිබූ බව පොලිසිය සඳහන් කර සිටී.
මෙම මරණය යතුරුපැදිය ලිස්සා ගොස් අනතුරට ලක්වී සිදු වූවා ද? එසේත් නොමැති නම් වෙනත් වාහනයක් යතුරුපැදියේ ගැටී සිදු වූවා ද? යන්න හෝ වෙනත් සිද්ධියක් මුල් කරගෙන සිදු වූවා ද? අංශ කිහිපයක් ඔස්සේ විමර්ශන ක්‍රියාත්මක කර තිබේ.
238 Views
Comments