පදික වෙළෙඳුන්ට බිස්නස් කරගන්න උපරිම සහය දෙන බව සාගල කියයි

එළඹෙන සිංහල හා දෙමළ අලුත් අවුරුදු උත්සව කාලයේදී පදික වෙළෙඳුන්ට සිය ව්‍යාපාරවල බාධාවකින් තොරව නිරත වීමට පරිසරයක් සකස් කරන බව ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා ප්‍රකාශ කර ඇත.
ඔහු මේ බව ප්‍රකාශ කර ඇත්තේ කොළොම්තොට එක්සත් වෙළෙඳ සංගමය ඇතුළු පදික වෙළෙඳුන්ගේ සංගම්වල නියෝජිතයන් බ්‍රහස්පතින්දා (06) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී හමු වූ අවස්ථාවේදීය.
පදික වේදිකාවේ ව්‍යාපාර වල නිරත වන වෙළෙඳුන්ගේ ගැටළු වලට සවන් දෙමින් ඔවුන් සමග සුහද කතාබහක නිරත වූ ඒ මහතා පදිකයින්ට අපහසුතාවක් නොවන අයුරින් ඒවා විසඳීමට එකඟ වී ඇත.
තවද මේ පිළිබඳව ජනාධිපතිවරයා සමග සාකච්ඡා කර ඔවුන්ගේ ගැටළු විසඳීමට කමිටුවක් පත් කරන බවද පදික වෙළෙඳුන් සඳහා විශේෂ හැඳුනුම්පතක් නිකුත් කිරීම පිළිබඳව අවධානය යොමු කරන බවද සාගල රත්නායක මහතා වැඩිදුරටත් සඳහන් කර තිබේ.
277 Views
Comments