ලංකාවේ මානව හිමිකම් ගැන එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් දැඩි තීන්දුවක්

සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් තහවුරු කිරීම සඳහා වගකිව යුතු එක්සත් ජාතීන්ගේ විශේෂඥ මණ්ඩලය, ඒ පිළිබඳ ශ්‍රී ලංකා රජයෙන් ලබා දුන් වාර්තාව සම්බන්ධයෙන් දැඩි තක්සේරුවක් නිකුත් කර ඇති බව Human Rights Watch වාර්තා කර තිබේ.
ශ්‍රී ලංකාව 2005 දී අනුමත කරන ලද බහුපාර්ශ්වික ගිවිසුමක් වන සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය (ICCPR) ක්‍රියාත්මක කිරීම මානව හිමිකම් කමිටුව විසින් අධීක්ෂණය කරන බව ඔවුන් දැනුම් දී ඇත.
සාමකාමී රැස්වීම් විසුරුවා හැරීමේදී පොලිසිය විසින් අධික ලෙස බලය යෙදවීම, විරෝධතාකරුවන්ට එරෙහිව ත්‍රස්ත මර්දන නීති අසාධාරණ ලෙස යෙදීම සහ රජයට එරෙහිව මහජන පෙළපාලි වලදී සමාජ මාධ්‍ය වේදිකා වෙත මහජන ප්‍රවේශය අවහිර කිරීම ඇතුළු අදහස් දැක්වීමේ සහ ප්‍රකාශනයේ නිදහසට ඇති දැඩි සීමාවන් පිළිබඳව මෙම කමිටුව අවධානය යොමු කොට තිබේ.
මීට අමතරව කාන්තාවන්ට එරෙහි ලිංගික ප්‍රචණ්ඩත්වය සහ දේශපාලනයේ කාන්තා නියෝජනය අඩුවීම පිළිබඳව කමිටුව සිය විශේෂ අවධානය යොමු කරන බව සඳහන් කර ඇත.
229 Views
Comments