APR
14
ගිරිඋල්ලේ ගිනි කෙළි වෙළඳසැලක හදිසි ගින්නක්

ගිරිඋල්ල කෙලින් වීදිය ප්‍රදේශයේ තාවකාලිකව ඉදි කර තිබූ ගිනි කෙළි වෙළෙඳසැලක ඊයේ (13) හදිසි ගින්නක් හටගෙන තිබූ බව වාර්තා වේ.
එම ගින්න හේතුවෙන් ගිනි කෙළි වෙළෙඳසැලේ තිබූ සියලුම වර්ගයේ ගිනි කෙළි විනාශ වී ඇති අතර, එම ස්ථානයට දෙපස තිබූ වෙළඳසැල් 2 ක දේපළවලට ද අලාභ හානි සිදුවී ඇති බව වාර්තා වේ.
ගින්න හේතුවෙන් ජීවිත හානි කිසිවක් සිදු වී නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් ගිරිඋල්ල පොලිසිය විසින් වැඩිදුර පරීක්ෂණ සිදු කෙරේ.
230 Views
Comments