ජාඇල දී විදුලි රැහැනක ගැටී දෙදරු පියෙක් මරුට
විදේශගත ඔබට
Latest_News
calendar
APR
15

ජාඇල දී විදුලි රැහැනක ගැටී දෙදරු පියෙක් මරුට

ජාඇල දී විදුලි රැහැනක ගැටී දෙදරු පියෙක් මරුට

දෙමහල් නිවසක බිත්ති කපරාරු කිරීමට ගිය පුද්ගලයෙකු අධිබලැති විදුලි රැහැනක ගැටී ජීවිතක්ෂයට පත්වීමේ පුවතක් ඡා-ඇල ප්‍රදේශයෙන් වාර්තා වේ.

 

අද (15) උදෑසන මෙම පුද්ගලයා තවත් දෙදෙනකු සමග නිවසක බිත්ති කපරාරු කිරීමට යකඩ පලංචියක් බැඳීමට ගිය අවස්ථාවේ, පලංචිය බැඳීමට යොදාගත් යකඩ බටයක්, අසල මාර්ගයේ තිබූ අධිබලැති විදුලි රැහැනක ගැටීමෙන් ඔහුට විදුලිසැර වැදී මෙම අනතුරට මුහුණ දී ඇති බව පොලිසිය සඳහන් කර සිටී.

 

එම අවස්ථාවේදීම ඔහුව රෝහල වෙත රැගෙන යාමට කටයුතු කළද, ඒ වන විටත් ඔහු ජීවිතක්ෂයට පත්ව සිටි බව සඳහන් වේ.

 

මෙලෙස මියගොස් ඇත්තේ ජා-ඇල තුඩැල්ල ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි දෙදරු පියෙකි.
 

views

268 Views

Comments

arrow-up