එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගැන විමර්ශන සිදු කරන ලෙසට නීතිපතිවරයා දැනුම් දෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
04

එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගැන විමර්ශන සිදු කරන ලෙසට නීතිපතිවරයා දැනුම් දෙයි

එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගැන විමර්ශන සිදු කරන ලෙසට නීතිපතිවරයා දැනුම් දෙයි

ගිනි ගැනීමට කල්වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාව පිලිබඳ තවදුරටත් විමර්ශන සිදුකරන බව නීතිපතිවරයා කොළඹ මහාධිකරණයට ඊයේ(03) දැනුම් දී තිබුණා.

එහෙත් අදාළ පැමිණිල්ල කොළඹ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත හමුවේ කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥවරයා අධිකරණයට දැනුම් දුන්නේ පරීක්ෂණ තවදුරටත් සිදු කරන බැවින් ප්‍රගති වාර්තා කිරීම සඳහා දිනයක් ලබා දෙන ලෙසයි.

ඒ අනුව ලබන සැප්තැම්බර් විසි එක් වෙනිදා යළි නඩුව කැඳවන ලෙසට නියෝග කළ අතර එදිනට පරීක්ෂණවල ප්‍රගතිය වාර්ථා කරන ලෙසටද නියෝග කර තිබුණා.

views

247 Views

Comments

arrow-up